Random Post: About
RSS .92| RSS 2.0| ATOM 0.3
  • Home
  • Organizations
  • Representation
  • Resources
  • About
  • Sinhala Font
  • Profiles
  •  

    අපේ පළාත් සභාවලට කාන්තාවන් එපාද?

    අගෝස්තු මස අටවැනිදා ඌව පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නියමිතව ඇත. මෙම මැතිවරණය සදහා පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් කර ඇත්තේ එක් කාන්තාවක් පමණකි. ඇය  ද දේශපාලන ක්‍ෂෙත‍්‍රය තුල දිගු කලක් තිස්සේ රැදී සිටින බදුල්ල දිස්ත‍්‍රික්කයේ හේමා රත්නායකය.  මොනරාගල  දිස්ත‍්‍රික්කය නියෝජනය කරන කාන්තා අභිවෘද්ධි අමාත්‍ය සුමෙදා ජී ජයසේන මහත්මිය පලාත් සභා නාමයෝජනා කමිටුවි ප‍්‍රධාන තනතුරක් හෙබවුවද මොනරාගල දිස්ත‍්‍රක්කයෙන් එකදු කාන්තා අපේක්ෂිකාවක්වත් සොයා ගැනීමට නොහැකිවීම පුදුම සහගතය.

    Lanka polity වෙඛ් අඩවියට අනුව ඇමතිවරියගේ වැඩි උනන්දුවක් තිබී ඇත්තේ තම නෑදෑ හිතමිතුරන්ට අපේක්ෂකත්වය ලබා දීමටය. නමුත් අපට සිතෙන අන්දමට නම් දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් ජයගත හැකි උගත් බුද්ධිමත් කාන්තා අපේක්ෂිකාවන් සොයා ගැනීමට මේ උනන්දුව යෙදවූයේ නම් පලාතටත් රටටත් වැඩි යහපතක් සිදුවිය හැකිව තිඛ්නි.

    බදුල්ල දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 24 ක් පවතින අතර මන්ත‍්‍රී ධූර සංඛ්‍යාව 240ක් පමන විය හැකිය.  මේ අතර සිටිනුයේ කාන්තා නියෝජිතවරියන් පස්දෙනෙකු පමණි.  සමහර විට පලාත් සභාවලට සහ ජාතික දේශපාලනයට සුදුසු කාන්තාවන් සොයා ගැනීමේ ගැටඵවේ මූලාරම්භය පවතින්නේ මෙතැන විය හැකිය.. ප‍්‍රජා සංවිධාන මෙහෙයවීමෙ දී පුරුෂ පාර්ශවය හා සමානව කටයුතු කිරීමේ හැකියාව සහ ශක්තිය කාන්තාවට තිබේ. නමුත් ඔවුන්ට තම පළාත් පාලන ආයතනය තුල පාර්ශවකරුවෙකු වීමට අවස්ථාව නොලැබෙයි.

    පක්ෂ ලේකමිවරුන් පවසන්නේ පළාත් පාලන ආයතන තුල කාන්තා නියෝජනය වැඩිකිරීමට ඔවුන් උත්සාහ කල ද ඒ සදහා කාන්තාවන් ඉදිරිපත් නොවන බවයි. නමුත් මෙය පිළිගතහැකි හේතුවකැයි අපි නොසිතමු. පාසැලේදී ශිෂ්‍ය නායක තනතුරු දරන, ක‍්‍රීඩා කණ්ඩායම් වල නායකත්වය දරන දීප්තිමත් යෞවනියන් අනන්තවත් දක්නට ලැබෙයි. අවශ්‍යවන්නේ ඒ සදහා දිරිගැන්වීමක් ලබා දීමයි.

    දිගු කාලයක් තිස්සේ පුරුෂ ආධිපත්‍යකට නතුව ඇති ක්‍ෂෙත‍්‍රයකට පිවිසීම කාන්තාවකට පහසු කටයුත්තක් නොවන බව අමතක නොකල යුත්තකි. කාන්තාවන් වැඩි වැඩියෙන් දේශපාලන ක්‍ෂෙත‍්‍රයට ආකර්ෂණය කර ගැනීමේ වගකීම පවතිනුයේ පක්‍ෂ ලේකම් වරුන් අතය. එසේ නොවුනහොත් අපේ ආණ්ඩු ද පළාත් පාලන ආයතන ද සමාජයේ සාධාරණ නියෝජනයක් නොවනු ඇත.

    පළාත් පාලන මැතිවරණ වලදී කාන්තාවන් සදහා  කෝටා හෙවත් පංගු ක‍්‍රමයක් ලබා දීමේ නීතිමය අවශ්‍යතාවයක් පවතී නම් අපේක්ෂකත්වය සදහා පුරුෂ පක්‍ෂය විසින් කරනු ලබන බලපෑම් නොතකා හැර සුදුසු සහ ජයගැනීමේ හැකියාවක් ඇති කාන්තා අපේක්‍ෂිකාවන් සොයා ගැනීමට පක්‍ෂ ලේකම් වරුන්ට පෙළඹවීමක් සිදුවනු ඇත. ජාතික දේශපාලනය සදහා කාන්තාවන් බිහිකිරීමේ අඩිතාලම දැමීමට හොදම ස්ථානය පළාත් පාලන ආයතනයි.  කෝටා ක‍්‍රමයක් හදුන්වා දීම මේ සදහා උත්තේජකයක් වනු ඇත.

    One Response to “අපේ පළාත් සභාවලට කාන්තාවන් එපාද?”

    1. We like join your web as a member organization and will help ubdate the web also

    Leave a Reply