Random Post: 7th Campaign in Jaffna
RSS .92| RSS 2.0| ATOM 0.3
  • Home
  • Organizations
  • Representation
  • Resources
  • About
  • Sinhala Font
  • Profiles
  •  

    එතැන් සිට ………….

    කාන්තාවන් නියෝජනය සඳහා නාම යෝජනා ලබා ගැනීමට පංගු ක්‍රමයක් මැතිවරණ පනතට හඳුන්වාදීමට අප දැන් විවිධ උපාය උපක්‍රම භාවිතා කරමින් සිටිමු.  මහින්ද චින්තනයට ද මෙම යෝජනාව ඇතුලත්ව ඇති හෙයින් අපගේ මෙම උත්සාහයේ සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගත හැකිවෙතැයි අපි තරයේ විශ්වාස කරමු.  මේ සියලු උත්සාහයන්හි සාර්ථක ඵල නෙලීමට හැකිවන්නේ පළාත් පාලනයේ කාන්තා නියෝජනය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව වර්ධනය වුවහොත් පමණි.  අන් ආසියාතික රටවල මෙන් නිත්‍ය නියෝජනයක් සඳහා අප පංගු ක්‍රමයක් ඉල්ලා සිටින්නේ නැත. අප ඉල්ලා සිටින්නේ කාන්තාවට ඡන්දය ඉල්ලා සිටීමට නාමයෝජනා ලබාදෙන පංගු ක්‍රමයකි.

    මෙවැනි ප්‍රයත්නයක් අභිමුඛයේ අපට අභියෝග කීපයක් ජය ගැනීමට ඇත. ඉන් ප්‍රධාන අභියෝගය වන්නේ පංගුව පිරවීමට කාන්තාවන් ඉදිරිපත් කිරීම යන සිද්ධාන්තයෙන් වැලකීම. දේශපාලන නායකත්වයට සියලු කාන්තාවන් සුදුසු නැත. එයට සුවිශේෂිත ‍පෞරෂත්වය හා කැපකිරිම මෙහිදී වැදගත් සාධක ලෙස සැලකිය හැකිය. එය එසේ නොවීමට සියලු දේශපාලන පක්ෂවල කාන්තා බල මණ්ඩල, සංවිධායකවරු හා නාමයෝජනා ලබාදෙන තීන්දු තීරණ ගන්නා පාර්ශවයන් පියවර ගත යුතුය.

    දෙවැනි අභියෝගය වන්නේ අපේක්ෂකත්වයට ඉදිරිපත්වීම.  පසුගිය කාලවකවානුවේ අප පැවැත්වූ සාකච්ඡා කීපයකදීම ඉස්මතුවූ කාරණයක් වූයේ “අප නාමයෝජනා ලබාදෙන්න කැමතියි ඒත් කෝ කාන්තාවෝ?” මෙහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වූවත් වර්තමාන ශ්‍රී ලාංකික දේශපාලනය ක්ෂේත්‍රය පොරපිටියක් සහ නරාවලක් බව අප සියලුදෙනා දන්නා සත්‍යයක්. එහෙත් අප ගන්නා ආශ්වාස කරන වාතයේ සිට අප අවසන් ගමන් යන සුසානභූමිය දක්වා තීරණය කරන්නේ දේශපාලකයන් බැවින් එම නරාවලෙන් ගොඩඒමේ අභියෝගය ද ජයගත යුත්තේ මෙම සුවිශේෂී කාන්තා නායකත්වයයි. එම නිසා අපේක්ෂකත්වය සඳහා කාන්තාවන් නොපැකිල ඉදිරිපත් විය යුතුය. දේශපාලන පක්ෂය කුමක් වුවද ඇයට සහාය දැක්වීම අපගේ යුතුකමයි.

    තෙවැන්න අප වෙනුවෙන් අපි…. මේ සියලු අභියෝග ජයගෙන කාන්තාවන් නාමයෝජනා ලබා ගත්ත ද ඇයට ඡන්දය දිනා ගැනීමට නොහැකි නම්!!  ඔව් ඇය දිනවීම අපගේ යුතුකමයි. ඔබ, ඔබගේ වටිනා ඡන්දය ඒ සුවිශේෂි කාන්තාව වෙනුවෙන් භාවිතා කරන්න. මේ සියලු ප්‍රයත්නයේ අවසන් ප්‍රතිඵලය රඳා පවතින්නේ ඒ තීරණාත්මක සාධකය මත බව අමතක නොකරන්න.

    හේමන්ති ගුණසේකර‍

    මෙවැනි ප්‍රයත්නයක් අභිමුඛයේ අපට අභියෝග කීපයක් ජය ගැනීමට ඇත. ඉන් ප්‍රධාන අභියෝගය වන්නේ පංගුව පිරවීමට කාන්තාවන් ඉදිරිපත් කිරීම යන සිද්ධාන්තයෙන් වැලකීම. දේශපාලන නායකත්වයට සියලු කාන්තාවන් සුදුසු නැත. එයට සුවිශේෂිත ‍පෞරෂත්වය හා කැපකිරිම මෙහිදී වැදගත් සාධක ලෙස සැලකිය හැකිය. එය එසේ නොවීමට සියලු දේශපාලන පක්ෂවල කාන්තා බල මණ්ඩල, සංවිධායකවරු හා නාමයෝජනා ලබාදෙන තීන්දු තීරණ ගන්නා පාර්ශවයන් පියවර ගත යුතුය.

    දෙවැනි අභියෝගය වන්නේ අපේක්ෂකත්වයට ඉදිරිපත්වීම. පසුගිය කාලවකවානුවේ අප පැවැත්වූ සාකච්ඡා කීපයකදීම ඉස්මතුවූ කාරණයක් වූයේ අප නාමයෝජනා ලබාදෙන්න කැමතියි ඒත් කෝ කාන්තාවෝ? මෙහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වූවත් වර්තමාන ශ්‍රී ලාංකික දේශපාලනය ක්ෂේත්‍රය පොරපිටියක් සහ නරාවලක් බව අප සියලුදෙනා දන්නා සත්‍යයක්. එහෙත් අප ගන්නා ආශ්වාස කරන වාතයේ සිට අප අවසන් ගමන් යන සුසානභූමිය දක්වා තීරණය කරන්නේ දේශපාලකයන් බැවින් එම නරාවලෙන් ගොඩඒමේ අභියෝගය ද ජයගත යුත්තේ මෙම සුවිශේෂී කාන්තා නායකත්වයයි. එම නිසා අපේක්ෂකත්වය සඳහා කාන්තාවන් නොපැකිල ඉදිරිපත් විය යුතුය. දේශපාලන පක්ෂය කුමක් වුවද ඇයට සහාය දැක්වීම අපගේ යුතුකමයි.

    Leave a Reply