RSS .92| RSS 2.0| ATOM 0.3
  • Home
  • Organizations
  • Representation
  • Resources
  • About
  • Sinhala Font
  • Profiles
  •  

    “දේශපාලනයේ කාන්තා නියෝජය වැඩි කරමු” මඩකලපු පැවති දෙමළ ජනතාව දැනුවත් කිරිමේ රැස්වීම

    2009_10010122දේශපාලනයේ කාන්තා නියෝජය වැඩි කිරිම සදහා පළාත් පාලන මැතිවරණ නාමයෝජනා ලයිස්තු වලින් 25% ක් නෛතිකව කාන්තාවන්ට ලබා දෙන වගන්තියක් පළාත් පාලන මැතිවරණ පනතට ඇතුළත් කරන ලෙස බලධාරින් වෙත ඉදිරිපත් කිරිමට නියමිත පෙත්සමට අත්සන් ලබා ගැනිමට පෙර නැගෙනහිර පළාතේ ජනතාව දැනුවත් කිරිමේ රැස්විමක් 2009 ඔක්තෝබර් 01 වෙනිදා මඩකලපු  රාමනාදන් ශාලාවේ අති උත්කර්ශවත් අන්දමින්  විලිදූ ආයතනයේ සභාපතිනි ශාන්ති සත්‍යානන්දන් මහත්මිය විසින් සංවිධානය කර තිබුණි.

    මෙහි ප්‍රධාන ආරධිත අමුත්තිිය ලෙස මඩකලපු නගරාධිපතිනි ශිවගිතා ප්රභාහරන් මහත්මිය යසහභාගි වු අතර උපනගරාධිපති තුමාගේ පැමිණිම ද අගය කළ යුතුයි.

    ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා සභාපති පත්මිණි  විරසිංහ  මහත්මිය, ආචර්ය සුජතා ගමගේ මහත්මිය කොළඹින් සහ හිමාලි අබේසුරිය මහනුවරින් ද මෙම උත්සවයට සහභාගිවුණි.

    2009_10010112වසර 30 ක යුද්ධයෙන් පසු නැගනහිර පළාතේ සිවිල් පාලනය තුළ මෙවැනි රැස්වීමක් පැවැත්විමත් සෑම ප්රදේශයකින්ම දමිල කාන්තාවන් පන්සියකට වැඩි පිරිසක්ගේ  සහභාගිත්වයත් විශේෂිත අවස්ථාවක් ලෙස හැදින් විම වඩාත් සුදුසය. මෙවැනිම  තවත් වැඩසටහක් උතුරු පළාතේ පැවැත් විම ඔවුන්ගේ ඊලඟ බලාපොරොත්තුවයි.

    Leave a Reply