Random Post: About
RSS .92| RSS 2.0| ATOM 0.3
  • Home
  • Organizations
  • Representation
  • Resources
  • About
  • Sinhala Font
  • Profiles
  •  

    Kokila leads the signature campaign in Mirigama

    Shanthini, Kokila and Chandrika

    Shanthini, Kokila and Chandrika

    පළාත් පාලන මැතිවරණ නාමයෝජනා ලැයිස්තු වලින් 25%ක් නෛතිකව කාන්තාවන්ට ලබාදෙන වගන්තියක් පළාත් පාලන මැතිවරණ පනතට ඇතුලත් කරන ලෙස ඉල්ලා සිටිමින් බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත පෙත්සමට පසුගියදා මීරිගම ප‍්‍රාදේශයේ ජනතාවගෙන් විශිෂ්ඨ දායකත්වයක් ලැබින.
    බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනි කෝකිලා හර්ෂිණී ගුණවර්ධන මහත්මිය විසින් සංවීධානය කරනූ ලැබූ අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරය සැප්තැම්බර් 5 වනදා මීරිගම නගරයේදී පවත්වන ලදී.  පැය දෙකක පමණ කෙටි කාලයක් තුලදී අත්සන් 2000 කට අධික ප‍්‍රමාණයක් ජනතාවගෙන් ලබා ගැනීමට හැකිවීම සංවිධායකයින්ගේ කාර්යක්‍ෂම බවට මෙන්ම ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රගතිශීලී බවට ද උදාහරණයකි.
    ප‍්‍රදේශයේ පළාත් සභා මන්ත‍්‍රීවරු සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු රැුසක්ම සිය සහභාගිත්වය තුලින් අත්සන් ව්‍යාපාරයට දැක්වූ සහයෝගය අගය කල යුතුය.   ඒ හැරුණු විට මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රිනී ශාන්තිනී කෝන්ගහගේ සහ මහරගම නාගරික මන්ත‍්‍රිනී චන්ද්‍රිකා සොයිසා මහත්මීන් මෙහිදී දැක්වූ සක‍්‍රිය දායකත්වය වෙසෙසින් සඳහන් කල යුත්තකි.   ප‍්‍රදේශයේ කාන්තා සහ තරුණ සංවීධාන ද පැවැති වැසි සහිත කාලගුණයද නොතකා අත්සන් ව්‍යාපාරයට සහයෝගය දැක්වූහ.
    දේශපාලනයේ කාන්තා නියෝජනය ව්‍යාපාරය විසින් මෙහෙයවන අත්සන් එකතුකිරීමේ ව්‍යාපාරයන් අත්සන් එකතු කිරීම සඳහා පමණක් නොව දේශපාලන ක්‍ෂෙත‍්‍රය තුල කාන්තා නියෝජනයෙහි ඇති වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ද බෙහෙවින් ඉවහල් වන බව අප සඳහන් කරන්නේ සතුටිනි.

    Leave a Reply