ශි‍්‍ර ලංකා පදනම් ආයතනයේදි දේශපාලනයේ කාන්තා නියෝජනයේ හමුවිම
දේශපාලනයේ කාන්තා නියෝජනය ඉදිරි පියවර සම්බන්ධව සාකච්ජා කිරිම උදෙසා පසු ගිය නොවැම්බර් 23 වෙනි දින ශි‍්‍ර ලංකා පදනම් ආයතනයේදි කාන්තා දේශපාලන නායිකාවන් හා කාන්තා සංවිධාන වල නායිකාවන් සමග රැස්විමක් දේශපාලනයේ කාන්තා නියෝජනයේ සම කැදවුම්කරුන් වන ආචාර්ය සුජාතා ගමගේ සහ හේමන්ති ගුණසේකරගේ මෙහෙයවිමෙන් පවත්වන ලදි .
මෙහිදි ජන්ද විමසිමේදි යෙදෙන කේවල හා සමානුපාතික ක‍්‍රම පිළිබදව හැදින්විමක් ආචර්ය සුදන්ත ලියනගේ මහතා විසින් කළ අතර මෙම ක‍්‍රම පිළිබදව කාන්තාවන්ට විවෘත අදහස් ප‍්‍රකාශ කිරිමටත් ප‍්‍රශ්න ඇසිමටත් දේශනය යන අතර මගදි අවකාශය හිමි විය.
එලෙසම දේශපාලනයේ කාන්තා නියෝජනය සදහා වු ව්‍යාපාරයේ අරමුණු, ඉලක්ක, මුලෝපාය සහ කි‍්‍රයාකාරකම් පිළිබද සාකච්ජා වු අතර පහත සදහන් උපදේශක කණ්ඩායම හදුන්වා දිම ද සිදු වුණි .
x අශෝකා ලංකාතිලන – බස්නාහිර පළාත් සභා මන්ති‍්‍රනි
x ශාන්තිනි කෝන්ගහගේ – මධ්‍යම පළාත් සභා මන්ති‍්‍රනි
x ඩල්සි ද සිල්වා – ප‍්‍රවින කාන්තා නායිකාවක්
x ආචාර්ය නීලා ගුණසේකර – සභාපතිනි ජාතික කාන්තා කමිටුව
x මහාචාර්ය කමලා ලියනගේ - පේරාදෙණිිය විශ්ව විද්‍යාලය
මෙදිනම මුස්ලිම් උපදේශිකාව ලෙස පාර්ලිමේන්තු මන්ති‍්‍රනි ෆෙරියල් අෂ්රෝෆ් මහත්මිය පත් වු අතර දමිල උපදේශිකාව ලෙස පත්කර ගැනිමට සෙල්වසාමි මහත්මියගේ නම යෝජනා විය.
ඉදිරි පියවර ගැන සකචීජා කිරිමේදී,
x දේශපාලනයට පිවිසිමට උනන්දුවක් හා දැනට පූහුණුව ලබා ඇති කාන්තාවන්ගේ ලයිස්තු ලබා ගැනිම- දේශපාලන පක්‍ෂ දිස්ති‍්‍රක්ක වශයෙන් වෙන් කර හදුනා ගැනිමත්
x 2010 වර්ෂයේ ජනවාරි මස සිට ශි‍්‍ර ලංකා පළාත් සංසදය පවත්වගෙන ස්ථානයේම දේශපාලනයේ කාන්තා නියෝජනය උදෙසා වෙනම කාර්යයල පහසුකම් ලැබිම සම්බන්ධවත්
x රත්නපුර, කුරුණැගල , බදුල්ල යන දිස්ති‍්‍රක්ක වල අත්සන් එකතු කිරිමේ ව්‍යාපාර පැවැත් විම යන කරුණු උදෙසා අවධානය යොමු විය .
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ති‍්‍රනි ෆෙරියල් අෂ්රෝෆ්, මහරගම නගර සභා සභාපතිනි කාන්ති කොඩිකාර, බස්නාහිර පළාත් සභා මන්ති‍්‍රනි ආශෝකා ලංකාතිලක, මහරගම නගර සභා මන්ති‍්‍රනි චන්ද්‍රකා ද සොයිසා, දෙහිවල ගල්කිස්ස නගර සභා මන්ති‍්‍රනි මරීනා අබ්දින්, අනුරාධපුර නගර සභා මන්ති‍්‍රනි අනුරුද්ධිකා දිසානායක, ජාඇල නගර සභා මන්ති‍්‍රනි ඈන් දිපිකි මාකස්, වැලිමඩ ප‍්‍රාදේශිය සභා මන්ති‍්‍රනි පී ඒ ඥණවති, අඹන්ගං කෝරලේ ප‍්‍රාදේශිය සහා මන්ති‍්‍රනි යු බලමැණිකා, වැලිගේපොල ප‍්‍රාදේශිය සභා මන්ති‍්‍රනි අනෝමා වඩුගේ යන දේශපාලන නායිකාවන් සමග ප‍්‍රවින කාන්තාවක් වන ඩල්සි ද සිල්වා මහත්මිය, ශාන්ති සචිත්‍යානන්දන් – සභාපතිනි විළුදු ආයතනය, විශාකා ධර්මදාස – සභාපතිනි යුද්ධයෙන් අවතැන් වූ කාන්තාවන් සදහා වන ව්‍යාපාරය , රණී රත්නායක – සභාපතිනි ශි‍්‍ර ලංකා කාන්තා සමුළුව, ඒ ආර් ඩි ආයතයෙන් නියෝජිතවරියක් ද චුලනි කොඩිකාර යන සියළුදෙනාම මෙම අවස්ථාවට සහභාගි විය .









