‘දේශපාලනයේ කාන්තා නියෝජනය’ 8 වන වැඩසටහන මැද කොළඹ මුස්ලිම් හා සිංහල ජනතාව සමග
සමාජමය ආකල්ප හා මතවාද ගත් කල බොහෝ මුස්ලිම් කාන්තාවෝ ජිවත් වන්නේ ඔවුන්ටම ආවෙිනිකවු රාමුවක් ඇතුලතය. නෛතික වශයෙන්ද ඔවුහූ සුවිශේෂ වූ කණ්ඩායමකි. එහෙත් එම ආකල්ප හා මතවාද පසක තබා ‘දේශපාලනයේ කාන්තා නියෝජනය’ උදෙසා අනිත් කාන්තාවන් සමග හරි හරියට වැඩ කිරීමට මුස්ලිම් කාන්තාවෝ සූදානම් බව පසු ගිය නොවැම්බර් 18 වෙනිදා සජිවීව අපට දැක ගත හැකි වුයේ මැද කොළඹ ආසනයේ කොම්පඤ්ඤ වීදිය ප‍්‍රදේශයේ පැවැති ‘දේශපාලනයේ කාන්තා නියෝජනය’ 8 වන වැඩසටහනේදීය. එහිදී මැද කොළඹ මුස්ලිම් හා සිංහල කාන්තාවෝ කැපවිමෙන් හා උනන්දුවෙන් වැඩසටහනේ සාර්ථක්තවය උදෙසා එකමුතුව කටයුතු කළහ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ති‍්‍ර රවි කරුණානායක සහ එම මහත්මිය ද, පාර්ලිමේන්තු මන්ති‍්‍ර මෙහොමඩි මහරුෆ්් මහතා, බස්නාහිර පළාත් සභා මන්ති‍්‍ර ඒ. මුසාමිල් මහතා, කබිර් හෂිම් හා නූර් මෙහමඩි යන මහත්මීන් ද විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි විය.
කාන්තා නියෝජනයේ 25% කෝටාව සම්බන්ධව එම ප‍්‍රදේශයේ මුස්ලිම් මෙන්ම සිංහල ජනතාව ද දැනුවත් කිරිමත් බලධාරින් වෙත ඉදිරිපත් කිරිමට අපේක්‍ෂිත පෙත්සමට අවශ්‍ය අත්සන් ලබා ගැනිමත් මෙහිදි සිදු වු අතර මෙම ස්ථානයේ්දි රටේ විවිධ ප‍්‍රදේශයන්ගෙන් බස් රථ වලින් පැමිණි ජනතාව අත්සන් ලබා දිමෙන් දැක්වු සහයෝගය ද විශේෂයේන් සදහන් කල යුතුය.
මධ්‍යම පළාත් සභා මන්ති‍්‍රනි ශාන්තිනි කෝන්ගහගේ හා මහරගම නගර සභා මන්ති‍්‍රනි චන්දාිකා ද සොයිසා යන මහත්මින්ගේ සහයෝගය ඇතුව එෆ් මුසාමිල් මහත්මිය සමග දේශපාලනයේ කාන්තා නියෝජනය සදහා වු ව්‍යාපාරයේ සංවිධානයෙන් මෙම කි‍්‍රයාවලිය සර්ථකව කර ගැනිමට හැකි විය.









