බලය බෙදාහැරීම, ප‍්‍රාදේශිය දේශපාලනය හා මැතිවරණ ක‍්‍රම ගැන සංවාදයක්
බලය බෙදාහැරීම, ප‍්‍රාදේශිය දේශපාලනය හා මැතිවරණ ක‍්‍රම යන මැයෙන් වැඩමුළුවක් 2010 ජනවාරි 9 සහ 10 දිනයන්හි මහනුවර ටොපෑස් හෝටලයේ දි දේශපාලනයේ කාන්තා නියෝජනය සදහා වූ ව්‍යාපාරය හා ශි‍්‍ර ලංකා පළාත් පාලන ආයතනයන්හි සංසදය එක්ව සංවිධානය කරන ලදි
බලය බෙදාහැරීම, ප‍්‍රාදේශිය දේශපාලනය හා මැතිවරණ ක‍්‍රම යන මැයෙන් වැඩමුළුවක් 2010 ජනවාරි 9 සහ 10 දිනයන්හි මහනුවර ටොපෑස් හෝටලයේ දි දේශපාලනයේ කාන්තා නියෝජනය සදහා වූ ව්‍යාපාරය හා ශි‍්‍ර ලංකා පළාත් පාලන ආයතනයන්හි සංසදය එක්ව සංවිධානය කරන ලදි
ජනවාරි 9 දින සවස් වරුවෙි කාන්තා හා තරුණ දේශපාලන නායක නායිකාවන් සමග මාධ්‍යවේදින්ගේ හමුවිමෙන් අනතුරුව හිටපු ඉන්දියානු රාජ්‍ය ලේකම් සහ ඉන්දියානු ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ කේ සී ශ‍්‍රිවරාමක‍්‍රිෂ්ණන් මහතා සහ එම මැතිනිය පැමිණිම සිදු වීය. මෙම සැන්දෑවට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් හර්බිද් සිං මහතා හා පේරාදෙණිය විශ්ව විද්‍යාල මහාචාර්ය ගාමිනි කීරවැල්ල සහ මහාචාර්ය නවරත්න බණ්ඩා යන විද්වතුන්ගේද සහභාගිත්වය විශේෂයේන් සදහන් කලයුතුය
සාර්ථක පළාත් පාලනය හා බලය බෙදාහැරීම පිළිබඳ ඉන්දියානු අත්දැකිම් ශ‍්‍රිවරාමක‍්‍රිෂ්ණන් මහතා ඉදිරි පත් කළ අතර එම අදහස් සිංහලට පරිවර්තනය මහාචාර්ය රොහාන් සමරජීව මහතා විිසින් ඉදිරිපත් කිරිම මගින් පැමිණි සිටි පිරිසට තම අදහස් හුවමාරු කර ගැනිමත් අවස්ථාව උදා වුණි.
ජනවාරි 10 වන දින උදෑසන ‘ශි‍්‍ර ලංකාවේ ජන්ද ක‍්‍රමය – එදා, අද හෙට’ මැයෙන් ශි‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය සුදන්ත ලියනගේ මහතා විසින් ඉදිරිපත් කළ දේශනය මෙම වැඩමුළුවට සහභාගිවූ තරුණ හා කාන්තා දේශපාලන නායක නායිකාවන්ට හා මාධ්‍ය වෘත්තිකයන් අතර උණුසුම් විවාදශිලි සංවාදයකට මුල පෑදීය.
තේ පානයෙන් පසුව ලංකාවෙි පළාත් සහ ප‍්‍රාදේශිය දේශපාලනයේ කාන්තා සහ තරුණ සහභාගීත්වය යන මැයෙන් බස්නාහිර පළාත් සභා මන්ති‍්‍රනි අශෝකා ලංකාතිලක, මධ්‍යම පළාත් සභා මන්ති‍්‍රනි ශාන්තිනි කෝන්ගහගේ, නැගෙනහිර පළාත් සභා මන්ති‍්‍රනි ආරි ගලප්පත්ති, මහරගම නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මින් සමග බේරුවල නගර සභා මන්ති‍්‍ර සම්පත් පෙරේරා සහ හගුරන්කෙත ප‍්‍රාදේශිය සභා මන්තී‍්‍ර ලක්‍ෂමන් බාලසුරිය යන මහත්වරු සමග තරුණ හා කාන්තා නායක නායිකාවන්ගේ තර්කානුලව තම තමන්ගේ මත ඉදිරිපත් කිරිම උණුසුමි සංවාදයකට පත් වු අතර අනතුරුව ප‍්‍රවින මාධ්‍යයවේදී කුසල් පෙරේරා සමග එක්ව දේශපාලන තුළ මාධ්‍ය හැසුරු විම සහ මාධ්‍යයේ ස්වාධීනත්වය පිළිබදව දැනුම හා අදහස් ප‍්‍රකාශ කිරිමත් සමගම මෙම වැඩමුළුව නිමා වුනි.
මෙම වැඩමුළුව සදහා සහභාගි වූණ අනිකුත් කාන්තා නායකකාවන්
පද්මිණි වීරසිංහ – ඇඹිලිපිටිය න.ස,
රංජිනි සියඹලිපිටිය – කැගල්ල න.ස
චන්ද්‍රිකා ද සොයිසා – මහරගම න.ස
අනුරුද්ධිකා දිසානායක – අනුරාධපුර න.ස
යූ. බාලමැණිකා – අඹන්ගංකොරලේ ප‍්‍රා.ස
නිසංසලා පිරිස් – මොරටුව ම.න.ස
පද්මා අයිරාංගණි – පස්ගොඩ ප‍්‍රා.ස
මදුෂානි සුභසිංහ -කහටගස්දිගිලිය ප‍්‍රා.ස
ඩල්සි ද සිල්වා- ප‍්‍රවින කාන්තා නායිකාවක්
සීරිනදි සෞඛලිංගම් – පි.ඩ.ජි
මෙම වැඩමුළුව සදහා සහභාගි වූණ අනිකුත් තරුණ නායකයන්
ජනක නිශාන්ත – බණ්ඩාරවෙල න.ස,
කුමාර ධම්මික – ගාල්ල ම න ස,
ගිහාන් ජිවන්ත – කුලියාපිටිය න.ස,
සරත් ඇතුල්ගේ -බිබිලේ ප‍්‍රා.ස,
අජන්ත නෙළුම්-අඹගමුව ප‍්‍රා.ස,
රංජිත් පි‍්‍රයන්ත -රත්නපුර ප‍්‍රා.ස,
නිමල්බන්දු -කරන්දෙණියප්රා.ස,
චමින්ද තිලක් – ගලේවෙල ප‍්‍රා ස
ආර් නිමලසිරි – ගලේවෙල ප‍්‍රා.ස,
උදය කුමාරසිරි – ඉමදුව ප‍්‍රා.ස,
වික්ටර් බණ්ඩාර – දෙහිඔවිට ප‍්‍රා.ස,
බන්දුල කරුණාරත්න බණ්ඩාරවෙල න.ස,
අශෝක රාජපක්‍ෂ – බුලත්කොහුපිටිය ප‍්‍රා.ස,
සුගත් පි‍්‍රයන්ත -අයගම ප‍්‍රා.ස,
ඞී. ෆොන්සේකා – ගලේවෙල ප‍්‍ර.ස
කේ.සී රත්නායක – ගලේවෙල ප‍්‍රා.ස
චන්ද්‍රසිරි – ගලේවෙල ප‍්‍රා.ස
රංජිිත් ධර්මකිර්ති – රත්නපුර ප‍්‍රා.ස
මාධ්‍ය සහෘදයන්
කුසල් පෙරේරා – සී.ස්.ඩි
චමින්ද තෙන්නකෝ – සී පී එච්.ආර්
වසන්ත පුෂ්පකුමාර – ඩැෆරල්
මහින්ද රත්නායක – සී.ස්.ඩි
ඉෂාර රත්නකාර – ලක්බිම
මිලාන් කරුණාතිලක – ටි.එන්.එල් අර්.එන්
අශෝක පිරියන්ත ශි‍්‍ර ටී.වි,
කැලූම් ශිවන්ත – කළම්බෝ ටුඬේ.කොම්
ලලිත් අබේසිංහ සී.ඩි.ස්
සි.ඩි ලෆිකානි – ඩැෆෙරල්
එන්. එස් ධම්මික – ඩැෆෙරල්,
සි.බි පොලූත්ගල
හසන්ත ගූණවීර









